May 07, 2024

නිරුවත් පුද්ගලයෙකු ගැන පොලීසියෙන් දැනුම්දීමක් (VIDEO)

December 02, 2021

නිවෙස්වලට ඇතුළු වී සොරකමෙහි යෙදෙන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව නිට්ටඹුව පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයා රාත්‍රී කාලයේ දී මෙලෙස නිවෙස් වෙත ඇතුළුවන බව යි වාර්තා වන්නේ.

විශේෂත්වය වන්නේ මෙම තැනැත්තා සොරකමෙහි නිරත වන්නේ නිරුවත්ව වීම යි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ අදාළ පුද්ගලයා නිට්ටඹුව, පොල්හේන ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර නිරුවතින් සැරිසරා ඇති බව යි.

කෙසේ වෙතත් ඔහු අල්ලා ගැනීමට මෙතෙක් නොහැකි වී තිබෙනවා.

වයස 35ත් 40ත් අතර පුද්ගලයෙකු බවට සැක කෙරෙන මොහු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 02 December 2021 15:21