May 03, 2024

මියගිය 58න් භාගයක් මුස්ලිම් : මනුස්සකමක් නැති මේ ආණ්ඩුව අපෙන් පළි ගන්නවා (VIDEO)

November 17, 2020

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණීමෙන් පසු මාධ්‍ය අමතා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කරන ලදී.

කිසිදු මනුස්සකමක් නැති වත්මන් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගෙන් පළිගන්නා බව එහිදී සඳහන් කළ සාලි මහතා අද තමන් මෙම ස්ථානයට පැමිණියේ ඉස්ලාම් ආගමට එරෙහිව වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව පැමිණිල්ලක් කිරීමට බව ද පෙන්වා දෙන ලදී.

කොවිඩ් - 19 හේතුවෙන් මියගිය 58 දෙනාගෙන් අඩක්ම මුස්ලිම් ජාතිකයින් බව ද සාලි මහතා පෙන්වා දෙයි.

මේ වන විට ලෝකයේ රටවල් 229ක් ම මියගිය අය ආදාහනය කිරීමට ඉඩ දෙන බව පෙන්වා දෙන සාලි මහතා වත්මන් ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක මත කටයුතු කරන බවට පම්පෝරි ගැසුවත් එම සංවිධානය විසින් නිර්දේශ කොට ඇති මළසිරුරු භූමිදානය කිරීමේ නිර්ණායකය පමණක් ක්‍රියාත්මක නොකරන බව පෙන්වා දෙයි.

කොවිඩ් 19 හේතුවෙන් මියයන පුද්ගලයන් භූමිදානය කිරීමට ඉඩ නොදිය යුතු බවට මතයක් ගෙන යන වෛද්‍ය මෙත්තිකා විතානගේ අන්තවාදී දේශපාලන පක්ෂයක් නියෝජනය කරන බවද සාලි මහතා අනාවරණය කරයි.

තමන් මෙම කරුණු මානව හිමිකම් කොමිසමට පෙන්වා දුන් අවස්ථාවේ අපි ජීවත් වෙන්නේ මෙවැනි රටකද යන්න මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන්ද පුදුම වූ බවද සාලි මහතා සඳහන් කරයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 17 November 2020 12:06