April 26, 2024

"ගෑස් පුපුරන්නේ නැහැ" - මන්ත්‍රී තිස්ස කුට්ටිගෙන් අලුත් සොයා ගැනීමක්

December 01, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් කියා සිටියේ, දිවයිනේ කිසිඳු ස්ථානයක ගෑස් ටැංකි පුපුරා යෑමක් සිදු වී නැති බව යි.

ගෑස් ළිප් හැර ගෑස් ටැංකියක් පිපිරුණු අවස්ථාවක් පෙන්වා දෙන ලෙසට ඔහු අභියෝගයක් ද ඉදිරිපත් කළා.

ඔහු අවධාරණය කරන්නේ, ගෑස් ළිපේ හෝ ගෑස් සංයුතියේ හෝ නොව ගැටලුව ඇත්තේ, ගෑස් ළිපේ බවයි.

ගෑස් සංයුතිය හා ගෑස් ටැංකි ගැන පරීක්ෂණ සිදු වන අතරවාරයේම, ගෑස් ළිප් ගැනත් පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කළේ.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"වැරදි කතාවක් කියනවා ගෑස් පිපිරෙනවා කියලා. කිසිම තැනක ගෑස් පිපිරිලා නැහැ. පිපිරෙන්නේ ගෑස් ලිප. මේක හරියට බඩේ කැක්කුම තියෙනකොට කකුලෙ කැක්කුමක් ගැන කතා කරනවා වගේ දෙයක්. ඉතාම පැහැදිලිව කියනවා ප්‍රශ්නේ තියෙන්නේ ගෑස් ලිපේ.අපි පරික්ෂණ කරන්න ඕනේ ගෑස් ලිප සම්බන්ධවයි."

Rate this item
(0 votes)