April 26, 2024

ඇඹිලිපිටියේ වෙළඳසලක් පිටුපස පිපිරීමක් - ඒකට හේතුවත් ගෑස් (PHOTOS)

November 29, 2021

අද (29) සවස ඇඹිලිපිටිය කදුරුගස්ආර හන්දියේ වෙළදසැලක් පිටුපස ඇති එම වෙළද සැල් හිමියාගේ නිවසේ මුලුතැන්ගෙයි මෙම පිපිරීම සිදුව තිබෙනවා.

ගෙහිමියා වන මොහම්දිරම්ගේ ඉන්දික යන අය කියා සිටියේ සවස්කාලයේ වතුර උණු කිරීම සදහා වතුර තබා තමන් සාලයට පැමිණි බවත් මද වේලාවකින් විශාල ශබ්දයක් ඇසී බලන විට ගෑස් කුකරය පිපිරී ගොස් ගිනි ගනිමින් තිබෙන අයුරු තමන්ට දක්නට ලැබුනු බවත් වහාම ඔහු විසින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කල බවද සඳහන් කළා. මෙහිදී ගෑස් කුකරය වීදුරු සහිත එකක් බැවින් පිපිරී  එහ කොටස් විසි වී තිබෙනු දක්නට හැකි වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

පිපිරීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කිසිවකු සිට නොමැති අතර එබැවින් කිසිවෙකුට කිසිදු අනතුරක් සිදුව නැත. ශබ්දය ඇසුනු බැවින් තමන් ගින්න නිවූ බව පවසන ගෙහිමියා එසේ නොමැති වූවා නම් විශාල අනතුරක් සිදුවිය හැකි බවද පවසනවා. 

මේ සම්බන්ධයෙන් නිවෙස් හිමිකරු විසින් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 November 2021 18:47