March 28, 2024

"ගෑස් නියාමනය වෙලා නෑ" - ඇමැති ලසන්ත ගෑස් අවුල පිලිගනී (VIDEO)

November 29, 2021

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මතුව ඇති තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවත් රාජ්‍ය ආයතන ලෙස ගෑස් නියාමනය සිදුව නොහැති බවත් පාරිභෝගික කටයුතු පිලිබඳ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මේ දිනවල සිදුවන ගෑස් සම්බන්ධ අනතුරු පිලිබඳව අද(29) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා. 

ලංකාවේ භාවිත වන ගෑස් සමාගම් දෙකටම අදාළව ගෑස් අනතුරු 233ක් වාර්තා වන බවද එම අනතුරු 2015 ජනවාරි 01 වැනිදා සිට පසුගිය ඔක්තෝම්බර් 31 දක්වා සිදුව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් එම තත්ත්වය මෑතකාලීන ව ඉහල ගොස් ඇති බව පිලිගත යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

"ශ්‍රීලංකා ප්‍රමිති ආයතනය වාර්තාකරන පරිදි ලංකාවේ ගෑස් සංයුතිය සම්බන්ධයෙන් ප්‍රමිතියක් නෑ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරවත් නෑ. අනික් අතට මොරටුව විශ්ව විද්‍යාලය කියනවා මේ ගෑස් සංයුතිය වෙනස් වීම ගෑස්පීඩනයට බලපානවා කියලා. ඒ නිසා අපට මේ ගැන දැන්ම කිසි දෙයක් කියන්න බෑ “ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)