April 26, 2024

මන්ත්‍රීවරියන් ගැන රනිල්ගේ හදවතත් උණු වෙයි: අයිතිය රකින්න යෝජනාවකුත් ගෙනෙයි

November 23, 2021

පාර්ලිමේන්තුව තුළ උද්ගතව තිබෙන කාන්තා මන්ත්‍රී හිංසනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මැදිහත් වුණා.

ඒ කතානායකවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින්.

කාන්තා ප්‍රශ්නය

අද (23) උදේ කාන්තා මන්ත්‍රීවරියන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් නැගුණු අයුරු තමන් දුටු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

එසේ පෙන්වා දෙමින් ඔහු යෝජනා කළේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ට අපහාසයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ අයිතිය පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයට ලබා දෙන ලෙසටයි.

ඒ සංසදයේ සභාපතිතුමිය (රාජ්‍ය ඇමති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ) ඇතුළු පිරිසට ප්‍රසිද්ධියේ හෝ කතානායකවරයා මුණ ගැසී ඒ ප්‍රශ්න නිරාකරණය ගැනීම වඩාත් සුදුසු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

සභාපතිනියට ස්තූතිය

වෙනත් මාර්ග වලට නොයා මේ අවස්ථාවේ එම ප්‍රශ්නය නිරාකරණය වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ස්තුතියද පළ කළා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය නියෝජනය කරන රෝහිනි කුලරත්න මන්ත්‍රීවරියට අපහසු වන අයුරින් පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමේ සිද්ධිය මේ වන විට ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කතානායකවරයා දරන ස්ථාවරය ප්‍රතික්ෂේප කරන කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කථානායකවරයාගේ එම ස්ථාවරයද අභියෝගයට ලක් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:48

Related items