May 03, 2024

කින්යාහිදී පාරුවක් පෙරළී දරුවන් ඇතුළු 6ක් මිය යයි Featured

November 23, 2021

කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන්  අතුරුදන් පිරිසෙන්  පුද්ගලයන් 17 දෙනෙකු දැනට බේරා ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා. 

බේරාගත් පිරිස අතර පාසල් ළමුන් තිදෙනකු ද සිටින බව නාවික හමුදාව කියයි.

අනතුරට ලක්ව අතුරුදන් වූ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී බලගණය , මැරීන් බලගණය ට අයත් විශේෂ කිමිදුම්  කණ්ඩායම් 8  ම යොදවා ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පාමින් ප්‍රදේවාසිහු පිරිසක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වටකමින් උද්ඝෝෂණයක නිරත වන බව අප වාර්තාකරු පැවසුවා.

මෙම කලපුව හරහා ඉදි කරන පාලමේ වැඩ කටයුතු ප්‍රමාද කරන බව ඔවුහු චෝදනා කරනවා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:50