May 04, 2024

පාන්පිටි මිලත් ඉහළ යයි - අද සිටම මිලත් වැඩිවෙයි

කිරිපිටි, ගෑස් මිල වැඩිවීම් අතරට අද (11) දිනයේ සිට තිරිඟු පිටි මිලත් එකතු වී තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රධාන තිරිඟුපිටි ආනයනකරුවන් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් සඳහා වන මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගිය 07 වැනිදා රජය විසින් ඉවත් කරනු ලැබීමත් සමඟ මෙම මිල ගණන් ඉහළ යෑම සිදුවුණා.

ගෑස් මිල ඉහළ දැමීම ගැන මෙතනින් කියවන්න > දර ලිපි සිහි කරමින් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින් ඉහළට

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 October 2021 08:04