May 18, 2024

දර ලිපි සිහි කරමින් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257කින් ඉහළට Featured

පසුගිය 07 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මෙරට ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක පාලන මිල ඉවත් කිරීමට තීරණය කළා.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා වන පාලන මිලද ඉවත් වී ගියා.

මේ වන විට මෙරට ප්‍රධාන ගෘහස්ථ ගෑස් සපයන සමාගමක් වන ලිට්රෝ සමාගම විසින් සිය ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

නව මිල යටතේ කිලෝ 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257කින් ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර ඇති අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750ක් දක්වා ඉහළ යනු ඇති.

එපමණක් නොව කිලෝ 5ක් වූ  ගෑස් සිලින්ඩරයක මිලද ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර ඇති අතර එහි මිල රුපියල් 503කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,101කි.

කිලෝ 2.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 520කි.

මීට පෙර ලිට්රෝ ගෑස් සමාගමේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක් පැවති මිල වන්නේ රුපියල් 1493කි, කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 598ක්ද, කිලෝ 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 289කට ද පැවතුණා.

මෙම නව මිල ගණන අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 October 2021 23:08