May 16, 2024

රටම කතා කළ දුර්ලභ පඩුකරඳ ශාඛය ගැන පළ වූ බොරුව

September 08, 2021

නුවර අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් සඳහා සුදානම් වන අවස්ථාවේ හමු වූ ලෝකයෙන් වඳ වී ගොස් ඇති බවට නම් කර තිබූ කෲඩියා “සිලනිකා ශාකය (පඩුකරඳ)” රතු දත්ත පොතෙන් ඉවත් කර ඇති බවට පසුගියදා පුවතක් පළ වුණා.

මෙම පුවත සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විසින් ඊයේ (07) දිනයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සඳහන්ව තිබුණේ 2020 රතු දත්ත ලැයිස්තුවෙන් මෙම ශාකය ඉවත් කර ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ද මේ සම්බන්ධයෙන් අදාළ අංශවලින් විමසීමක් කර ඇති අතර එහිදී නිලධාරීන් විසින් මෙම ශාකය රතු දත්ත පොතෙන් ඉවත් කර නොමැති බවට තහවුරු කර තිබෙනවා.

පරිසර අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)