May 03, 2024

අත්‍යවශ්‍ය ආහාර හිඟයක්? රජයෙන් විශේෂ නිවේදනයක්

September 02, 2021

මෙරට තුළ අත්‍යවශ්‍ය ආහාර වන සහල්, සිනී ඇතුළු ආහාර වර්ගවල හිඟයක් ඇතිව තිබෙන බවට පැතිරී යන වාර්තා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙරට ජනතාවට සරිලන ප්‍රමාණවත් තරම් ආහාර ද්‍රව්‍ය තුළ රජය සතුව ඇති බවටද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව තුළ දැඩි ආහාර අර්බුදයක් ඇති බවට ඇතැම් දේශීය මාධ්‍ය, විදෙස් සහ සමාජ මාධ්‍ය තුළ මෙලෙස අසත්‍ය ප්‍රචාරයක් පැතිර යන බවට පෙන්වා දෙන ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසා සිටින්නේ එම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවයි.

අධික ලාභ ලැබීමේ අරමුණින් මෙරට සිටින කූඨ වෙළෙඳුන් විසින් වී, සහල්, සිනී වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඟවාගෙන පසුව අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට මේ වන විටත් තොරතුරු ලැබී ඇති බවද එම දෙපාර්තුමේන්තුව අනාවරණය කරනවා.

මෙම ආහාර හිඟය පිළිබඳව ප්‍රචාරය පිළිබඳව ඊයේ (01) දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)