April 27, 2024

ගෙවිදුත් ඇණයක්: පොහොට්ටු ප්‍රබලයන්ගෙන් මැනීමක් Featured

පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයාද ආණ්ඩුවට යම් හිසරදයක් වී ගෙන එන බැව් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම් පත පිළිබඳව කුමාරතුංග මන්ත්‍රීවරයා ජනපතිවරයා ඉදිරියේ මතු කළ විරෝධතාවයක් මුල් කොටගෙන එම දේශපාලන මැනීම කර තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පනත ළගදීම පාර්ලිමේන්තුවට

එළඹෙන අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කොතලාවල පනත් කෙටුම්පත පිළිබඳව කුමාරතුංග මන්ත්‍රීවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි ප්‍රශ්න රැසක් ඉස්මතු කොට තිබෙන බව වාර්තා වනවා.

එහිදී ජනපතිවරයා අදාළ පනත් කෙටුම්පත පිළිබඳව කළ විග්‍රහයකින් පසුව කුමාරතුංග මන්ත්‍රීවරයා ඊට යම් ආකාරයක විරෝධයක් දක්වමින් අදහස් රැසක් ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව තමාට කිසිදු දැනුම්දීමක් නොකළ බවට චෝදනාවක් කළ මන්ත්‍රීවරයා එහි ඇති යම් යම් වගන්ති සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න රැසක් තමන්ට තිබෙන බව ප්‍රකාශ කර තිබෙන්නේ ජනපතිවරයා ඉදිරියේමයි.

මන්ත්‍රී විරෝධයට පාර කැපීම

කුමාරතුංග මහතා ලබාදුන් එම ආරම්භයෙන් පසුව විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයෙන් පිට ග්‍රාමීය දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද අදාළ පනත මුල්කොටගෙන ගම් මට්ටමේ විශාල විරෝධයක් මතු වෙමින් තිබෙන බවයි පෙන්වා දී තිබෙන්නේ.

කොතලාවල විද්‍යා පීඨ පනත විපක්ෂයට ගම් මට්ටමේ , බිම් මට්ටමේ බලවේග එකතු කරන සටන් පාටියක් වී ඇති බවත් එම මන්ත්‍රීවරුන් සඳහන් කර තිබෙනවා..

මන්ත්‍රීවරයාගේ ක්‍රියා පිළිවෙත අවධානයට

ගෙවිඳු කුමාරතුංග මහතා ආණ්ඩුව ගෙන ආ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද යම් යම් සංශෝධන ගෙන ඒමට මුල් වී කටයුතු කළ මන්ත්‍රීවරයෙක්.

කුමාරතුංග මන්ත්‍රීවරයා අන් මන්ත්‍රීවරුන් මෙන් නොව ආණ්ඩුව ගෙන එන ඕනෑම යෝජනාවකට ප්‍රශ්න ඇති කරන්නෙක් ලෙසයි ආණ්ඩුවේ ප්‍රබලයන් හඳුනාගෙන තිබෙන්නේ.

කචල් කණ්ඩායමෙත් සාමාජිකයෙක්

ගෙවිඳු කුමාරතුංග මහතා සභාපතිත්වය දරන යුතුකම සංවිධානයද විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර ඇමැතිවරුන් නායකත්වය දෙන පොදුජන පෙරමුන සන්ධානයේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12ක එකමුතුවකින් සැදුම්ලත් විකල්ප කණ්ඩායම නියෝජනය කරනවා.

පොදුජන පෙරමුණ පක්ෂය හා මෙම කණ්ඩායම අතර බරපතළ මතු ගැටුමක් තිබෙන බව ප්‍රකට කරුණක්.

මේ වන විටත් එම සන්ධානය නියෝජනය කරන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සමග පොදු ජන පෙරමුණ මහා ලේකම්වරයා වන සාගර කාරියවසම් මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් ප්‍රසිද්ධියේම මත ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂයේ සමගි ජන බලවේගයට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටත් පාර කැපුනේ පොදුජන පෙරමුණ තුළ තිබෙන මෙම මත ගැටුමයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 14:20

Related items