May 18, 2024

ගිලා බැස්ස කොත්මලේ ජලාශයට යන පාර පිළිසකර කිරීම් ආරම්භ වෙයි (PHOTO)

ගිලා බැසීමට ලක් වු කොත්මලේ ජලාශයට පිවිසෙන මාර්ගය කඩිනමින් සකස් කිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇති බව වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා අද (26) පැවැසීය.

කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්න මාර්ගයේ විශාල ගිලා බැසීමක් අද (26) අලුයම් කාලයේ සිදු වු  අතර රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පියවර ගනු ලැබීය. 

ජලාශයේ වේල්ල ආසන්න මාර්ගයේ විශාල කොටසක් මෙසේ ගිලා බැසීමට ලක්ව ඇති අතර භූගත ජල පහරක් අවහිරවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන්නට ඇතැයි ජලාශභාර ඉංජිනේරුවන් පවසති.

එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්  මහතා විසින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් එහි තත්ත්වය පැහැදිලි කරන ලද අතර එහෙදී  ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ගිලා බැසීමට ලක් වු මාර්ගය සකස්  කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවැසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශය භාර උසස් පොලිස් හා යුද හමුදා නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ. 

සැබැඳි පුවත

කොත්මලේ ජලාශයට යන පාර හදිසියේ ගිලා බසී - වේල්ලත් අවදානමේද? (PHOTOS)

නිලධාරීන්ගේ අධික්ෂණයට ලක්වූ අවස්ථාවේ ඡායාරූප පහතින්,

ක්‍රිෂාන්තන් - හැටන්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 May 2021 16:48