May 18, 2024

කොත්මලේ ජලාශයට යන පාර හදිසියේ ගිලා බසී - වේල්ලත් අවදානමේද? (PHOTOS)

කොත්මලේ ජලාශ වේල්ල අසල මාර්ගයක කොටසක් හදිසියේ ගිලා බැස තිබේ. මෙම ගිලා බැසීමෙන් ජලාශ වේල්ලට කිසිදු අවධානමක් නොමැති බව කොත්මලේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ආර්.එම්.එස්.වත්සල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් මෙලෙස අද (26) දිනයේ ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා ඒෂියන් මිරර් වෙත පැවසීය.

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම ගිලා බැසිම සිදුව ඇති අතර ජලාශ වේල්ලට මීටර් කිහිපයක් නුදුරින් කොත්මලේ හරංගල හරහා නාවලපිටියට පිවිසෙන මාර්ගයේ ස්භාවික ඇලක් හරහා ඉදි කර තිබෙන බොක්කුවක් මෙලෙස ගිලා බැස ඇති බව ඉංජිනේරුවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අද (26) දිනයේ අලුයම 5 ට පමණ ගිලා බැස ඇති බවයි. ගිලා බැසිම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවදානමක් නොමැති බවත් ගිලා බැස ඇති ස්ථානය පිලිසකර කිරිමට කටයුතු කරන බවත් වත්සල මහතා සඳහන් කළේය.

මෙම පිළිසරක කිරීම් කරනතෙක් ජලාශ වේල්ල හරහා රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බවත් කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 May 2021 12:26