May 01, 2024

රනිල් පොර වෙයි: ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මාකට් කරයි - මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න වැලක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම දේශපාලනඥයෙක්.

ඒ නිසාම කුමන ආකාරයකින් හෝ බලය ලබා ගැනීමේ දේශපාලන කුමන්ත්‍රණ වලටත් ඔහු දක්ෂයෙක්.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න

මේ වන විට වික්‍රමසිංහ මහතා මුල් කරගත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව කතා බහක් යනවා.

ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු සැසි අතරතුර ආණ්ඩු විපක්ෂ මන්ත්‍රීවරු වික්‍රමසිංහ මහතාගෙන් ජාතික ආණ්ඩු කතාව ගැන ප්‍රශ්න රැසක් අසා තිබෙනවා.

ඒ අවස්ථාවේ සිය සූක්ෂම දේශපාලන ඥානය පාවිච්චි කළ වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළ මන්ත්‍රීවරුන්ට දී තිබෙන්නේ කුතුහලය ඇතිවන පිළිතුරක්.

දෙපැත්තටම නැති පිළිතුරු

ඒ ඔබවත් ජාතික ආණ්ඩුවට ගන්නවා යැයි සඳහන් කරමින්.

ජාතික ආණ්ඩුවක් හදිසියේ හදන්නෙ ඇයිදැයි යන්න ප්‍රශ්න කළ ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරයෙක් අමතා වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙන්නේ ඒ ගැන තමා කියන්න දන්නේ නැති බවත් ඒකට පිළිතුරු දිය යුත්තේ ඔබ (ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා) බවටයි.

වික්‍රමසිංහ මහතාගෙන් ජාතික ආණ්ඩුව ගැන ප්‍රශ්න කළ මන්ත්‍රීවරුන් අතර බහුතරය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්.

ප්‍රශංසා කිරීම

ඔවුන් එම ප්‍රශ්න කිරීම්වලදී වික්‍රමසිංහ මහතාව මුරුංගා අත්තේ තැබීමටත් අමතක කර නැහැ.

"ඔබ කිහිප වතාවක් රටේ අගමැති වෙච්ච කෙනෙක්.ඒ අවස්ථාවල රටේ ආර්ථිකය හොදට කළමනාකරණය කළ බවට පිළිගැනීමක් තිබෙනවා."

ඒ මන්ත්‍රිවරු වික්‍රමසිංහ මහතා අමතා සඳහන් කර තිබෙන්නේ ඔන්න ඔහොමයි.

තනි මන්ත්‍රී

වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක්.

ඔහු නියෝජනය කරන්නේ පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයයි.

ඒ තනි මන්ත්‍රී ධූරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කොට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳවයි මත පළවන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 March 2022 07:06