May 05, 2024

එහෙම පට්ට මෝඩයෝ ඉන්නවාද: ජාතික ආණ්ඩුව ගැන මන්ත්‍රී විමල් සිය ස්ථාවරය කියයි

ජාතික ආණ්ඩුවක් ගැන මේ දිනවල යළිත් කතා වනවා.

එම ජාතික ආණ්ඩුවේ අග්‍රමාත්‍ය ධූරය දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඇති බවටත් මත පළ වනවා.

සුදුසු වේලාව

මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුවක් හැදීම සම්බන්ධයෙන් ජනපතිවරයා ඇමැතිකමින් පන්නපු විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය මතය ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ ජාතික සම්මුතියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය තිබුණේ කොවඩ් වසංගතය උත්සන්න වූ අවස්ථාවේ බවයි.

ඒ අවස්ථාවේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස තම පාර්ශ්වය ඉල්ලා සිටියත් එය සිදු නොවූ බවයි වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එසේ සිදු වූවානම් වත්මන් ආර්ථික අර්බූදයටත් එය පාවිච්චි කිරීමට හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.

තත්ත්වය වෙනස්

එහෙත් දැන් තත්ත්වය වෙනස් බව වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මේ වන විට ලෙඩේ උත්සන්න වී රෙද්දේ පහ වන තත්ත්වයට රට ඇදී ඇති බව මතක් කරමින්.

ඒ නිසා මේ අවස්ථාවේ ජාතික ආණ්ඩුව කර ගහන්නේ පට්ට මෝඩයන් බව පෙන්වා දෙන වීරවංශ මන්ත්‍රීවරයා එවැනි ජාතික ආණ්ඩුවක් මේ අවස්ථාවේ සෑදීමට නොහැකි බව තම විශ්වාසය බව සඳහන් කරනවා.

වීරවංශ මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ එහෙම ජාතික ආණ්ඩුවකට එන මෝඩයෝ කවුරුන්දැයි තමා කල්පනා කරන බවත් එහෙම මෝඩයෝ සිටියොත් එවැනි ජාතික ආණ්ඩුවකට එනු ඇති බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන වීරවංශ මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ එක්තරා ජනප්‍රිය පුද්ගලික රූපවාහිනි සේවයක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(3 votes)
Last modified on Saturday, 12 March 2022 09:29