අයි.ඕ.සි සමාගම විසින් ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල ඊයේ (10) රාත්‍රියේ සිට වැඩි කිරීමත් සමඟ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටි බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.
අයි.ඕ.සි සමාගම ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින් අද (11) ඉන්ධන ලබා ගැනීම රථ වාහන හිමියන් විසින් ප්‍රතික්ෂේප කර සියළුම වාහන වලට ඉන්ධන ලබා ගැනීම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් සිදු කර තිබෙනවා.
ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවයි රථ වාහන හිමියන් සහ රියදුරන් කියා සිටියේ.
ඉන්ධන මිල වැඩි විමට සමගාමීව ත්‍රිරෝද රථ සහ බස් රථ වල ගාස්තු වැඩි කිරීමට සිදු වන බවයි රියදුරන් කියා සිටියේ.