May 18, 2024

හිඟ බඩුවක් ඊයේ සිට වෙළෙද පොලට: 1,20,000 කට චාන්ස් එකක් Featured

මේ වන විට යළිත් දරුණු ගෑස් හිඟයක් ඇතිව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නවතා ඇති ගෑස් රැගෙන පැමිණි නැව් වලින් එම ගෑස් තොග නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිකම නිසා.

සමාගමේ නිවේදනය

ගෑස් හිඟය සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඒ ගෑස් පිරවූ සිලින්ඩර එක් 1,20,000 ක් බෙදා හැරීම සඳහා සූදානම් බවටයි.

බෙදාහැරීම ඇරඹේ

එම ගෑස් සිලින්ඩර බෙදාහැරීම ඊයේ (11) ආරම්භ කළ බවයි එම සමාගම සඳහන් කරන්නේ.

එසේ ආරම්භ කළ ගෑස් සිලින්ඩර බෙදාහැරීම එළඹෙන දින කිහිපයේදීද ලිට්‍රෝ ගෑස් සමාගම සිදුකිරීමට නියමිතව තිබෙන්නේ වෙළෙඳ පොළ ඇතිව තිබෙන ගෑස් හිගයට පිළියමක් ලෙසයි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 12 March 2022 09:24