May 04, 2024

රනිල්, රවි හා නවීන්ට පල නොකියා පලා බෙදයි: මාර්තු 1 වැඩෙන් කපලම දායි Featured

February 18, 2022

පසුගිය මහ මැතිවරණයේදී බිමටම සමතලා වූ එක්සත් ජාතික පක්ෂය යළි ගොඩ ගන්න පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල සැලසුම් පිට සැලසුම් දියත් කරනවා.

එහි එක් සැලසුමක් එළඹෙන මාර්තු 1දා දියත් කිරිමටයි වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ.

පක්ෂ සාමාජිකත්වය

ඒ පක්ෂයට අලුතින් සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළ.

එය එළැඹෙන මාර්තු 1 දා ආසන මට්ටමින් දියත් කිරීමට පක්ෂ නායකයා මේ වන විට වැඩ සටහනක් හදා අවසන්.

ඒ අනුව දැනට එ.ජා.පයේ ඉතිරිව සිටින අතළොස්සක් වූ ජ්‍යෙෂ්ඨයන්ට දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් එම වැඩ සටහන අධීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළකුත් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මූලිකත්වය ගන්නා අතලොස්ස

එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජේෂ්ඨ උප සභාපති හා ජාතික සංවිධායක සාගල රත්නායක, උප නායක අකිල විරාජ් කාරියවසම් යන පස් කට්ටුව විසින්.

මාර්තු 1 වැඩ පිළිවෙළේ වගකීම් පැවරූ පිරිස දෙස බලද්දී බරපතළ අඩුපාඩුවක් පෙනෙන්නට තිබෙනවා.

ඒ එම වැඩ පිළිවෙලට පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක හා ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් සම්බන්ධ කර නොගැනීම.

තනතුරු ප්‍රතික්ෂේප කිරීම

ඔවුන් දෙපල වික්‍රමසිංහ මහතා තමන්ට පිළිවෙලින් ලබා දුන් උප නායක ධුරය හා ජාතික සංවිධායක ධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කළා.

එම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් දෙපලට පිරිනැමූ තනතුරු සඳහා පිළිවෙලින් අකිල විරාජ් කාරියවසම් හා සාගල රත්නායක යන මහත්වරුන්ව වික්‍රමසිංහ මහතා විසින් පත් කළා.

මේ අනුව හිටපු ඇමැතිවරුන් දෙදෙනකු වන කරුණානායක හා දිසානායක යන මහත්වරුන් ඉඳහිට සහභාගී වන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පමණයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 February 2022 03:42