May 03, 2024

අලියා කෙලින් කරගන්න රනිල් බැහැලම වැඩ: රැස්වීම් පිට රැස්වීම්

February 13, 2022

එක්සත් ජාතික පක්ෂය යලි ගොඩගැනීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක යෙදී සිටින බව සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඒ සඳහා වික්‍රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා (8) හා බදාදා (9) යන දෙදිනම සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස්වීම් රැසක් පැවැත්වූ බව වාර්තා වනවා.

සමිති සමාගම් සක්‍රීය කිරීම

පක්ෂයට අනුබද්ධිත යොවුන් පෙරමුණ, ලක් වනිතා පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ සංවිධාන සක්‍රීය කොට එ.ජා.ප.ය ශක්තිමත් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීම පිළිබඳව එම සාකච්ඡාවලදී අවධානය යොමුව තිබෙනවා.

සෑම ආසනයකටම සාමාජිකයින් 150 කගෙන් සමන්විත යොවුන් පෙරමුණු බලකායක් පිහිටුවීමටද ඒ සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීමටද එම රැස්වීම්වලදී තීරණය කෙරුණා.

ඒ හැරුණුකොට ඉකුත් සඳුදා (7) සිට ගෙවුණු සතිය පුරාම තවමත් පුරප්පාඩුව තිබෙන ආසන සංවිධායක ධුර සඳහා සිරිකොතට ලැබී ඇති ඉල්ලුම්පත් සලකා බලා ඒවා නිර්දේශ කිරීමද පක්ෂ මූලස්ථානයේදී සිදු වූ බවත් දැනගන්නට තිබෙනවා.

පක්ෂ ප්‍රධානීන්ගේ සහභාගිත්වය

ඉකුත් සතියේ පැවති මෙම රැස්වීම් සඳහා මාලාවන් සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන ඇතුළු පක්ෂයේ නිල දරන්නන් සහභාගි වී තිබෙනවා.

පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතා හා හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන් මෙම රැස්වීම් සඳහා සහභාගී නොවූ බවත් වාර්තා වනවා.

ඔවුන් දෙපළ පක්ෂ නායක වික්‍රමසිංහ මහතා සමග මතවාදාත්මක ගැටුමක නිරතවයි සිටින්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 February 2022 08:44