May 07, 2024

"නැතිකම තැන තැන කියවන්නේ නැතුව වැඩ කරන්න" : බැසිල්ගෙන් ඇමතිට උපදෙසක්

February 06, 2022

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකුට උපදෙසක් ලබා දී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට බවයි කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කැබිනට් පත්‍රිකාව

මුදල් ඇමතිවරයා ගම්මන්පිල මහතාට එම උපදෙස ලබාදී තිබෙන්නේ ඔහු විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මුල් කරගෙන.

ඉන්ධන ලබා ගැනීම සඳහා මුදල් හා ඩොලර් අවශ්‍ය බව එම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගන්නා විට ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

ඊට මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ ඇමැතිවරයාට අවවාදයක් ද කරමින්.

"ඉන්ධන ලබා ගැනීම සඳහා ණය අරගෙන හරි මුදල් හොයලා දෙන්නම්. ඔබතුමා අමාත්‍යාංශයේ වැඩ ටික කරගන්නකෝ. මාධ්‍ය හමු පවත්වමින් මුදල් නැහැ කියන්නේ නැතිව."

අමාත්‍යාංශ විෂය පථය

මුදල් ඇමතිවරයා එසේ දුන් පිළිතුරට ප්‍රති පිළිතුර දීමටද ගම්මන්පිල ඇමතිවරයා පසුබට වුණේ නැහැ.

"මම කතා කරන්නේ එය අමාත්‍යංශ විෂය පථයට අයත් දේවල්."

ගම්මන්පිල ඇමැතිවරයා පිළිතුරු දුන්නේ ඒ ආකාරයට.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 06 February 2022 15:46