May 19, 2024

රතු කල්ලි දෙක ධර්මායතනයේදී මුණගැසීම අහම්බයක්ද? සැලසුමක්ද?

February 06, 2022

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට සෑහෙන වැඩ කොටසක් කළ භික්ෂූන් වහන්සේ නමක්.

උන් වහන්සේ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණට මෙන්ම මීට වසර 9 කට පෙර එම පක්ෂයෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයටද වටිනා උපදෙසක් ලබාදී ඇති බව වාර්තා වනවා.

බැහැ දැකීමට පැමිණීම

ඒ දෙපාර්ශවයේම පිරිස් එකම වේලාවක උන් වහන්සේ බැහැ දැකීමට උන් වහන්සේ වැඩ සිටින කොළඹ ධර්මායතනයට පැමිණි අවස්ථාවේ.

ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා ගුණවංශ හිමියන් බැහැ දැකීමෙන් පසු එම පක්ෂයේම මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතාද උන් වහන්සේ බැහැදැකීමට පැමිණියා.

ඒ අවස්ථාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාද එතැනට පැමිණියේ "ලාල්කාන්ත අයියත් මෙතැනද." යයි විමසමින්.

කළ අනුශාසනාව

එහිදී ගුණවංශ හිමියන් දෙපාර්ශවයටම අනුශාසනාවක් කලා.

"ඔය දෙපාර්ශ්වය අතර තිබෙන ප්‍රශ්න ප්‍රශ්නද. ඕවා ප්‍රශ්න නෙවෙයි. දෙපැත්තම එකතුවෙලා ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න."

ඇල්ලේ ගුණවංශ හිමියන් දෙපාර්ශ්වයටම ලබා දුන් පණිවිඩය ඒකයි.

මුණ ගැසීම සැලසුමක්

දෙපාර්ශවය මෙසේ අහම්බෙන් මුණගැසුනු බව පෙන්නුම් කළත් එය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් සැලසුම් සහගතව කළ හමුවක් බවටද මත පළ වනවා.

ඒ දෙපාර්ශවය අතර යම් එකඟතාවයක් ඇති කරලීමේ අරමුණින්.

ජ.වි.පෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ යළි එකතු වීමක් නොව පොදු වැඩපිළිවෙළකදී එකට එකතු වී වැඩ කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

Rate this item
(8 votes)
Last modified on Sunday, 06 February 2022 15:51