May 21, 2024

විපක්ෂ නායකගේ නිදහස් දින වර්ජනය රාජිතගේ සැලැස්මක්

February 06, 2022

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 74 වැනි ජාතික නිදහස් රාජ්‍ය උත්සවයට සහභාගි වුයේ නැහැ.

එම උත්සවයට විපක්ෂ නායකයාටත් ආරාධනා කිරීම දශක ගණනක් පුරා පැවත එන සම්ප්‍රදායක්.

තීන්දුව ගත් ආකාරය

එහෙත් මෙවර එම උත්සවය සහභාගි වීම විපක්ෂ නායකයා ප්‍රතික්ෂේප කළා.

විපක්ෂ නායකවරයා ඒ තීන්දුව ගත් ආකාරය ඒෂියන් මිරර් වෙත දැනගන්නට ලැබුණා.

විපක්ෂ නායකවරයා එම තීන්දුව ගෙන තිබෙන්නේ නිදහස් දිනට පෙර දින එනම් 3 වැනිදා රාත්‍රියේ.

එදින රාත්‍රියේ සමගි ජන බලවේග නායකයින් බම්බලපිටියේ හෝටලයකදී රැස් වී තිබෙනවා.

හමු වූ පිරිස

ඒ සමගි ජන තරුණ බලවේගයේ සංවිධානය කළ හමුවකදී.

එම හමුවෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හරීන් ප්‍රනාන්දු, දොස්තර රාජිත සේනාරත්න, මනුෂ නානයක්කාර යන මන්ත්‍රීවරුන් එම ස්ථානයේදීම මුණගැසී තිබෙනවා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා එතැන සිටි ඉහත නම් සඳහන් මන්ත්‍රීවරුන් අමතා සඳහන් කර තිබෙන්නේ තමන් කල්පනා කරන්නේ නිදහස් උත්සවයට සහභාගි වීම සම්බන්ධයෙන් බවයි.

ඊට පිළිතුරු දී තිබෙන්නේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයායි.

මන්ත්‍රීවරයා දුන් උපදෙස

ඔහු එහිදී නිදහස් උත්සවයට විපක්ෂ නායකවරයා සහභාගී නොවිය යුතු බව යෝජනා කර තිබෙන්නේ ඊට හේතු ද පෙන්වා දෙමින්.

"නිදහස් උත්සවයට ජනතාව බනිනවා. කොටින්ම විදුලිය, ඉන්ධන අර්බුදයක් තිබෙන වෙලාවේ නිදහස් උත්සව පැවැත්වීම ගැන පොලිස්කාරයොත් බනිනවා."

සේනාරත්න මන්ත්‍රීවරයා එසේ පල කල අදහස එතැන සිටි හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානයක්කාර යන මන්ත්‍රීවරුන්ට අනුමත කර තිබෙන්නේ "ඒ කතාව ඇත්ත" බව පවසමින්.

එම කතා බහෙන් පසු පක්ෂ නායකවරයා තීරණයක් ගත්තා.

ඒ ඊට පසු දින (4) පැවැත්වෙන ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට.

බරපතළ ඉන්ධන අර්බූදයක් තිබෙන අවස්ථාවේ නිදහස් දින උත්සවයට හා ඊට පෙර පැවැති පෙරහුරුවන් සඳහා සහභාගි වූ ගුවන් යානා , යුද ටැංකි හා අනිකුත් වාහන සඳහා ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් ජන සමාජයේ විරෝධයක් එල්ල වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 06 February 2022 15:53