May 17, 2024

ඉන්ධන මිල වැඩි වෙයි

February 06, 2022

ලංකා IOC සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 184ක්.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 124ක් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරනවා.

Rate this item
(1 Vote)