May 03, 2024

තවත් ඛේදවාචකයක්

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වන අලින් මන්දපෝෂණ තත්ත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියයන බවට වාර්තා වනවා.

වසර පහක කාලයක් තුළ මෙහි වන අලි 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් 5 දෙනෙකු මියගොස් ඇත්තේ, මන්දපෝෂණ තත්ත්වයෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

හෙක්ටයාර 997ක විහිදී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ආරම්භ වන්නේ, දීර්ඝ කාලයක පටන් මෙරට පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ අරමුණින්.

වගාවන්ට සහ මිනිස් ජීවිතවලට හානි පමුණුවමින් ගම්වදින වන අලි මෙහි ගෙනඑන්නේ 2015 වසරේ සිටයි.

වනජීවි දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ආරම්භයේදී මේ මධ්‍යස්ථානය තුළ ලියාපදිංචි කෙරුණු වන අලි ගණන 52ක්.

නමුත් 2019 ජුනි මසදී ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ, අලි 52න් 12දෙනෙකු මියගොස් ඇති බවයි.

ඉන් අලි 5 දෙනෙකුම මියගොස් ඇත්තේ ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් හා මන්දපෝෂණ තත්ත්වයෙන් බව එම වාර්තාවේ සඳහන් වී තිබෙනවා.

එය තහවුරු වන්නේ, අලි මරණ සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණ වාර්තා මගිනි. කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ, අලි මන්දපෝෂණ තත්ත්වයෙන් මියගොස් නොමැති බවයි.

Rate this item
(0 votes)