May 06, 2024

නිල් තල්මසෙකු වෙරළට ගොඩ ගසයි

November 07, 2021

හික්කඩුව පන්නන්ගොඩ වෙරළ තිරයට ගොඩගසා තිබු මියගිය නිල් තල්මසෙකුගේ සිරුරේ කොටස්  පරික්ෂණ කටයුතු සදහා අත්තිඩිය පංශු වෛද්‍ය ඒකකය වෙත යොමු කළ බව හික්කඩුව වනජිවි කාර්යාලය පවසනවා.

මිටර් 13කින් දිගින් යුතු මෙම නිල් තල්මසා ඊයේ (06) හික්කඩුව වෙරළ තිරයට ගොඩ ගසා තිබුණා.

දැඩි ආරක්ෂිත සත්වයෙකු වන මෙකි නිල් තල්මසාගේ සිරුර දැඩි ලෙස නරක් වී තිබු බවද හික්කඩුව වනජිවි කාර්යාලය පවසනවා.

මියගිය තල්මසා හික්කඩුව නගර සභාවේ සහයෝගය ඇතිව වළ දැමිමට කටයුතු කළ බවද හික්කඩුව වනජිවි කාර්යාලය පවසනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(1 Vote)