May 06, 2024

රජයෙන් තවත් තහනමක්! භාණ්ඩ ලැයිස්තුව මෙන්න!

පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනමට ලක් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අතුරින් “ලන්ච් ෂීට්” ප්‍රධානයි.

ඒ අනුව පොලිතින් වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් භාවිතය අගෝස්තු මස පළමුවනදා සිට තහනම් කරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

මෙම තහනමත් සමග පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම ද තහනම් කිරීමට නියමිත යි.

එකසේ වෙතත් දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා බව යි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම තහනමෙන් අනතුරුව නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතා කළ හැක්කේ දිරාපත් වන ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව ද අමාත්‍යවරයා අනාවරණය කළා.

තහනම් කෙරෙන සම්පූර්ණ නිෂ්පාදන ලැයිස්තුව පහතින්..

  • වරක් භාවිත කරන ලද බීම බට හා කලතන.
  • තනි භාවිත ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි හා පිහි.
  • පරිමාව 400X500 වලට වඩා අඩු සිලි සිලි බෑග් (සාප්පු බෑග්)
  • ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි
  • පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්.
  • ප්ලාස්ටික් මල්මාලා
  • ප්ලාස්ටික් කෝප්ප
  • ලන්ච් ෂීට්
Rate this item
(13 votes)
Last modified on Tuesday, 20 July 2021 07:15