April 24, 2024

තලංගම තෙත් බිම් හරහා ඉදිවන අධිවේගී මාර්ගයට එරෙහි පෙත්සම විභාගයට

February 22, 2022

කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා තෙත් බිමක් සේ සැලකෙන තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

අදාළ නඩුව විභාගයට ගන්නා දින තෙක් තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා අදාළ මාර්ගය සැලසුම් නොකරන ලෙසයි අධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත සීමිත නියෝගයක් නිකුත් කර ඇත්තේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාර්ශ්වයන් 11 දෙනෙකු නම් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 15:09