April 26, 2024

බූස්ටර් මාත්‍රාව නොගන්නා අයට වැඩ වරදී

කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විවිධ දියුණු රටවල නීතිමය ආකාරයෙන් තුන්වන මාත්‍රාව අනිවාර්ය කිරීම පිළිබඳව අපේ රටේත් සෞඛ්‍ය අමාත්‍යාතුමා විසින් ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මෙයින් පෙනී යන්නේ මෙහි වැදගත්කම බැවින් එම නීතියට දඩයක් නියම කරනුයේ ඔබව රැකගන්න බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මෙසේ සඳහන් කළා,

"යුරෝපා රටවල මෙන්ම විවිධ දියුණු රටවල මේ ආකාරයෙන් නීතිමය ප්‍රකාරව කටයුතු කරමින් යනවා තුන්වන මාත්‍රාව අනිවාර්ය කිරීම පිළිබඳව. අපේ රටේත් සෞඛ්‍ය අමාත්‍යාතුමා විසින් ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ නීති උපදෙස් ආකාරයෙන් මෙහිදී අපි නෛතික රාමුවක් තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය ගැටලුව තුළදීම නැතිනම් ඒ ප්‍රකාශ තුළින්ම දියුණු රටවලින් නීතිමය ප්‍රකාරව කටයුතු කිරීම තුළින් පෙනී යනවා මේකේ තියෙන වැදගත් බව. ඉතින් ඒ නීතියට දඩයක් නියම කරන්නේ ඔබව රැකගන්න. ඉතින් එවැනිම ආකාරයක සිදුවීමක් තමයි මේ තුන්වන මාත්‍රාව ලබා ගැනීම කියන එකට නීති පද්ධතිය හරහා එන රුකුලක් වගේම ඒ කරන්න හදන්නේ ඔබව ආරක්ෂා කරගැනීමට. ඒ පුද්ගල වගකීම පෙරදැරි කරගෙන ඔබ, ඔබ විසින්ම තීරණය කර ගනිමින් ඔබේ ආරක්ෂාව තර කරගැනීම අප සියලුදෙනාගේම වගකීමක්." 

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 09:56