May 02, 2024

"ඔයාගේ එක්කෙනා ලෝකෙන්ම හතරවෙනියලු" : හිටපු ජනපති රාජ්‍ය ඇමතිට මතක් කරයි

ඉකුත් සතියේ පාර්ලිමේන්තුව පැවැත්වුණේ ජනපතිවරයාගේ රාජාසන කතාව විවාදය සදහායි.

ඒ අතරතුර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා අතර ඉතා අපූරු දෙබසක් හුවමාරු වී තිබෙනවා.

හිටපු ජනපති කියූ කතාව

ඒ රැජිනක් මුල්කොටගෙන.

දැනගන්නට තිබෙන ආකාරයට සිද්ධිය මෙසේයි.

හිටපු ජනපතිවරයා , රත්වත්තේ මහතා සහ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ නැග ගමන් කරන අවස්ථාවේ "ලොහාන් ඊයේ රෑ මට ඔයාව මතක් වුනා" යැයි හිටපු ජනපතිවරයා, රත්වත්තේ මහතා කතා ප්‍රකාශ කොට තිබෙනවා.

ඉන් කලබලයට පත් රත්වත්තේ මහතා හිටපු ජනපතිගෙන් අසා තිබෙන්නේ "මාව මතක් වූනේ මොකද" යයි යන්නයි.

රාජ්‍ය ඇමතිගේ පිළිතුර

"ඇයි ඔයාගේ එක්කෙනා ලෝකයේම හතරවෙනියා වෙලා නේ" යයි හිටපු ජනපතිවරයා රත්වත්තේ මහතා අමතා ප්‍රකාශ කර තිබෙන අතර රත්වත්තේ මහතාද දෙවෙනි නොවී සඳහන් කර තිබෙන්නේ "සර් රූප සුන්දරියන්ට හරිම උනන්දුයි වගේ නේද" යන්නයි."

පසුගියදා පැවති ලෝක විවාහක රූ රැජින තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය එම තරගාවලියේ අවසාන හතර දෙනා අතරට තේරුණා.

ඇය හා ලොහාන් රත්වත්තේ මහතා අතර ඉතා කිට්ටු සබඳතාවක් තිබෙන බව ප්‍රකාශ වන අතර බීමතින් සිටි රත්වත්තේ මහතා සමඟ බන්ධනාගාරයේ එල්ලුම් ගස බලන්නට ගොස් තිබෙන්නේ ඇය බවටයි ඒ දිනවල ප්‍රසිද්ධ වුණේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 January 2022 10:02