May 18, 2024

සුසිල් සුපුරුදු රැකියාවට යයි! බරපතළ කාරණයක් ගැනත් කියයි

රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (06) පළමුවරට අධිකරණ කටයුතු සඳහා සහභාගිවීමට පැමිණ සිටියා.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා සිටියේ තමා ඉදිරියේ දී දිගටම අධිකරණයේ කටයුතු සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වන බවයි.

"අපේ කණිෂ්ඨ නීතිඥයෝ උසාවිවලට ගිහින් තියෙනවා. මං දිගටම අධිකරණයේ වැඩවලට එනවා. අවුරුද්දයි මාස 3ක් වගේනේ මේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටියේ, ඒ කාලය තුළත් උසාවි වහලා තිබුණේ.  දැන් උසාවි ආරම්භ වෙලා තියෙනවා. දැන් ඒ තිබුණ නඩුම ඉස්සරහට ඉස්සරහට එනවා."  යැයි සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කියා සිටියා.

බුද්ධි අංශයෙන් ලැබුණු වාර්තාවකට අනුව තමා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළ බවට තිස්ස කුට්ටිටආරච්චි මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි ඔහු ප්‍රකාශ කළා.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොම ද? මේක බරපතළ ප්‍රශ්නයක් බවත් බුද්ධි අංශ තොරතුරක් ගැන පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත්, රටේ දේශපාලනය ගැනවත්, අපේ දේශාපාලන ඉතිහාසය ගැනවත් නොදැන කටයුතු කර ඇති බවත් හෙතෙම කියා සිටියා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කළ සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය 4 වනදා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ධූරයෙන් ඉවත් කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 17:15

Related items