May 13, 2024

ගෑස් පිපිරීමකින් කල්පිටියේ නිවසක් බිමට සමතලා වෙයි

December 27, 2021

කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ කුඩා නිවෙසක සිදු වූ ගෑස් කාන්දුවකින් එම නිවස ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

මෙම නිවසේ හිමිකාරියගේ දියණිය විසින් ඇගේ වයස අවුරුදු එකක පමණ කුඩා දැරියට කිරී සෑදිම සදහා උදෑසන ගෑස් උදුන දල්වා සුළු මොහොතක් ගත වද්දි ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදු වු බවත් ඒ සමගම උදුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනිමකට ලක්ව ඇති බව පොලිසිය පවසා තිබෙනවා.

ගෑස් කාන්දුව සිදුව නිවස ගිනි ගැනිම සිදුවන අවස්ථවේදි එහි කුඩා දැරිය ඇතුළු හත් දෙනෙකු රැදි සිට ඇති බව පොලිසිය පවසනවා.

කුරක්කන්හේන ගම්මානයේ පිහිටි මෙම නිවසේ වහලය සම්පුර්ණයෙන් තහඩුවලින් සකසා තිබු බවත් බිත්ති සදහා ලී යොදා ගනිමින් ආවාරණය කර තිබු බවද පොලිසිය පවසනවා.

පුත්තලම කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් විසින් පුර්ණ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

Rate this item
(0 votes)