May 02, 2024

බැසිල් ලංකාවට යළි එන දිනය තීන්දුයි

December 27, 2021

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට සිටින්නේ ඇමරිකාවේ.

ඔහු ඇමරිකාව යාමට පෙර ආණ්ඩුව තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවද මතභේදාත්මක අදහස් කිහිපයක් පළ කර තිබෙන බවත් වාර්තා වනවා.

යන්න කලින් කියපු කතාව

තමන් යළිත් ලංකාවට නොපැමිණෙන බව ඔහු ඇමරිකාව බලා යන විට ප්‍රකාශ කළ බවත් කියවෙනවා.

කෙසේ වෙතත් 2022 ජනවාරි 7 ට පෙර බැසිල් රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ එදිනට සුප්‍රකට මල්වානේ ඉඩම පිළිබඳව නඩුව විභාගයට ගැනීමට නියමිත බැවින් ඊට සහභාගි වීමට.

අගමැති ධූරයේ වෙනසක්

බැසිල් රාජපක්ෂ මහතා එසේ යළි ලංකාවට පැමිණෙන්නේ අගමැති වීමේ බලාපොරොත්තුවෙන් බවටත් රාවයන් පවතිනවා.

මීට පෙර ඔහු ඉකුත් මැයි මස ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි වහාම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක දිවුරුම්දී මුදල් කැබිනට් ඇමති ධුරයේද දිවුරුම් දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 December 2021 23:41