April 19, 2024

කැරලිකාර ඇමති තුන් කට්ටුවෙන් එකක් හැලෙන ලකුණු

December 27, 2021

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මහින්ද සුළඟ දියත් කළ හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කාලයේ පටන් ඉතා කිට්ටු තුන් කට්ටුවක්.

වත්මන් පොදු ජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු එම ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ වෙනම ගොනුකර කණ්ඩායමක් පිහිටුවා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවට බලපෑම් කරන විකල්ප කණ්ඩායමක්ද මේ තුන් කට්ටුව පිහිටෙව්වා.

තුන් කට්ටුවේ අවුලක හැඩ

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව ගම්මන්පිල අමාත්‍යවරයාව ඒ තුන් කට්ටුවේන් ගැල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ විකල්ප කණ්ඩායම සංවිධානය කළ ඇහැලියගොඩ පැවැත්වූ මහජන මන්ත්‍රනය දෙවැනි වැඩ සටහනට ගම්මන්පිල අමාත්‍යවරයා සහභාගී වූයේ නැහැ.

ඒ තෙල් ගෙන්වීම පිළිබඳව වැඩ කටයුත්තක ඔහු නියැලී සිටි බවයි ඊට හේතුව ලෙස ප්‍රකාශ වූයේ.

ඇමතිගේ කථාව මන්ත්‍රීවරයෙකුට

ගම්මන්පිල අමාත්‍යවරයාට එම රැස්වීමේ කතාවකුත් තිබුණු අතර ඔහු නොපැමිණීම නිසා එම කතාව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාට ලබා දුන් බවයි වාර්තා වන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා එම රැස්වීමට සහභාගි නොවීමේ හේතුව ලෙස ඒ කාරණය ප්‍රකාශ වුවද ඊට වඩා වෙනස් කරුණක් ඒ තුළ තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව ගම්මන්පිල අමාත්‍යවරයා වීරවංශ සහ නානයක්කාර යන අමාත්‍යවරුන් සමග එකට මාධ්‍ය හමුවක් නොපවත්වා වෙනම මාධ්‍ය හමුවක් පැවැත් වූ අයුරුද දක්නට ලැබුණා.

එම සිද්ධියෙන් පසුව මෙම තුන් කට්ටුව අතර සාකච්ඡාවක් පැවැත්වූ බවක් වාර්තා වන්නෙත් නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 26 December 2021 23:44