May 07, 2024

පාර්ලිමේන්තු සැසි අවසන් කිරීමේ ඉලක්කය කමිටු සභාපතිද? කමිටු තුනක සභාපතිවරුද?

December 20, 2021

ජනපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට හේතුව කුමක්දැයි යන්න කිසිවකුත් දන්නේ නැහැ.

සාමාන්‍යයෙන් ජනපතිවරයෙක් මෙවැනි වාර අවසන් කිරීමක් සිදු කරන්නේ ඔහු හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් තිබෙන අවස්ථාවක.

ඉලක්කය කමිටු සභාපතිවරු

එහෙත් මේ අවස්ථාවේ එවැන්නක් පෙනෙන්නට නැහැ.

මේ නිසා පාර්ලිමේන්තුවේ කමිටු තුනක සභාපතිවරුන් තිදෙනෙකු ඉවත් කර ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සිදුකළ බවටයි තැන තැන කතා වන්නේ.

එසේ ඉවත් කිරීමට අවශ්‍ය සභාපතිවරුන් තිදෙනාගෙන් නමුත් එළියට පැමිණ තිබෙනවා.

කමිටු තුන

ඒ කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් , රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ හා රජයේ මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන්.

ඔවුන් තිදෙනාම ආණ්ඩු පක්ෂය වන පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්.

එහෙත් ඔවුන් තිදෙනාම එම කමිටු වල කටයුතු කරන්නෙ ස්වාධීනව.

මේ දෙදෙනාගෙන් ආචාර්ය චරිත හේරත් හා මහාචාර්ය තිස්ස විතාරණ පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කළ මන්ත්‍රීවරුන් වනවා.

ප්‍රශ්නයක් වූ කමිටුව

මේ තිදෙනා අතරිනුත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් එම ධූරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට තිබෙන බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව විසින් ආයෝජන මණ්ඩලයේ හා ස්ලිට් වංචා හා දූෂණ සෙවීම සම්බන්ධයෙන් මාධ්‍ය තොරතුරු පළවීමත් සමඟ හේරත් මහතාට බලපෑම් එල්ල වූ බව දැනගන්නට තිබෙනවා.

අහෝසි වන කමිටු

එසේ බලපෑම් කළ පිරිස් අතර ආණ්ඩුවේ ඉහළ පාර්ශවද සිටින බවයි ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවේ වාර අවසන් කොට නව සැසිය කැඳවීමේදී තිබූ කමිටු සියල්ලම අහෝසි වී අලුතින් ඊට සභාපතිවරු පත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භයේදී මෙම කසුකුසුවේ ඇත්ත නැත්ත දැන ගන්නට පුළුවන්.

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග අහෝසි වන කමිටු සංඛ්‍යාව 50ක් පමණ වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 December 2021 22:04

Related items