May 18, 2024

"ඔමික්‍රොන්" පැතිරෙයි - මෙරට ආසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනා

December 18, 2021

මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම සඳහන් කළා.

එම ආසාදිතයින් සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන නමුත් ඔවුන් බූස්ටර් එන්නතද ලබාගත් අය බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඔමික්‍රොන් ආසාදනයවී ඇති බවට හඳුනා ගැණුනු ඉන්දීය ජාතිකයා පැමිණ ගිය සමාජ ශාලා සහ ස්ථාන සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ අතර කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවන රෝගාබාධවලට 85%ක ආරක්ෂාවක් ලැබෙන බවට පර්යේෂණයකින් හඳුනාගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍ය විසින් සිදුකළ පර්යේෂණයකින් පසු මේ බව අනාවරණය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා පළමු සහ දෙවන එන්නත් මාත්‍රා පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙනවා.

පර්යේෂකයින් සඳහන් කර ඇත්තේ ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව ලොව පුරා තොරතුරු රැස්කර ගන්නා තෙක් ඒ පිළිබඳව පැහැදිලි නිගමනයකට ඒම අපහසු බවය.

එතෙක් එම ප්‍රභේදයේ දරුණු තත්ත්වය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 18 December 2021 14:19