May 17, 2024

අද ජල කප්පාදුවක්! ප්‍රදේශ මෙන්න

December 18, 2021

කොළඹ ප්‍රදේශ රැසකට අද (18) රාත්‍රී 11 සිට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

රාත්‍රී 11 සිට ඉරිදා පෙරවරු 8 දක්වා එම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.

කොළඹ 09,10,11,12,13, සහ 14 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මහ කොළඹ ජල සහ අපජල කළමණාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය පැවසුවා.

මීට අමතර, වත්තල ජල සම්පාදන ක්‍රමයට අයත් උස්වැටකෙයියාව - මට්ටක්කුලිය (ඇලපාර) ඇලකන්ද මාර්ගයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් එළැඹෙන සඳුදා (20) දින පස්වරු 4 සිට 21වනදා පෙරවරු 8ට දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව ඇලපාර, පල්ලියවත්ත, කාමෙල් මාවත, ප්‍රීතිපුර, ලංසියාවත්ත, හික්ගහවත්ත යන ප්‍රදේශවලට පැය 16ක් ජල සැපයුම අත්හිටවනු ඇතී.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගය පුළුල් කිරීමේ කටයුත්තක් හේතුවෙන් ගිනිගත්හේන ජල සම්පාදන ක්‍රමය මගින් ලබාදෙන ජල සැපයුම අද (18) පස්වරු 2 සිට හෙට (19) පස්වරු 2ක දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, පේරගහමුල, හැටන් පාර, ගිනිගත්හේන නගරය, කුරුදුගොල්ල, සමන්සිරිගම, බණ්ඩාරනායක මාවත, පේරගොල්ල පාර, කොළඹ පාර, රම්පාදෙනිය, රන්ජුරාව, නාවලපිටිය පාර, බගතුලුව, අඹගමුව කොළඹ පාර, කොළදෙණිය පාර, සෙල්ලිපි ගම, මහපතන, නව ශාන්ත ජනපදය, ශාන්ත ජනපදය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජනතාවට යම් කරුණුක් විමසීමට අවශ්‍ය නම් 1939 අංකය අමතා තොරතුරු දැනගත හැක බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වයි.

Rate this item
(0 votes)