May 07, 2024

අද කාලගුණය : පළාත් කිහිපයකට තද වැසි

December 18, 2021

දිවයිනට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින බවත් එය ඉදිරි පැය 24 තුලදී තවදුරටත් දිවයිනෙන් බැහැරව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. 

Rate this item
(0 votes)