April 24, 2024

විදුලි කප්පාදුවක් අතලඟ! ජල කප්පාදුව ලබන 8 වැනිදා

යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

ඒ ඉන්ධන අර්බුදය හේතුවෙන්.

ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්ගන්ද තාප විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු මේ වන විට නතර වී ඇති බවයි.

ජල විදුලි නිෂ්පාදනය ද අවම වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව ඔහු අවධාරණය කළා.

මේ අතර කොළඹ ප්‍රදේශ රැසකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එළඹෙන ලබන සෙනසුරාදා (8) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. 

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන බල ප්‍රදේශ පහත පරිදි වේ.

*කොළඹ , දෙහිවල – ගල්කිස්ස , කෝට්ටේ , කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ

*මහරගම , බොරලැස්ගමුව , කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ

*කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභා  ප්‍රදේශ සහ රත්මලාන

ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ, අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 06 January 2022 12:47