May 10, 2024

පැය 14ක ජල කප්පාදුවක් - ප්‍රදේශ මෙන්න

February 09, 2022

අද පස්වරු 4.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා කාලය තුළ කටුනායක නිදහස් වෙළඳ කලාපය ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පැය 14 ක කාලයක් ඒකල, කොටුගොඩ, උදම්මිට, රජ මාවත, මීගමු පාර, වහටියාගම, දෑලතුර, කටුනායක, සීදූව, උඩුගම්පොළ, මිනුවන්ගොඩ, කටුනායක ගුවන් හමුදා කඳවුර, කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ කටාන දකුණ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

ජා ඇළ මාර්ගයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබෙනවා.

Rate this item
(0 votes)