May 21, 2024

කොවිඩ් නීති වල වෙනසක් - උත්සව ගැනත් අලුත් තීන්දුවක් Featured

December 16, 2021

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15ක් සඳහා දීර්ඝ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව සඳහා සහභාගි විය හැකි වන්නේ 200 දෙනකුට පමණයි. එළිමහනේ පැවැත්වෙන උත්සවයක් සඳහා 250 දෙනකුට සහභාගි වීමේ හැකියාව පවතිනවා.

උත්සව අවස්ථාවලදී මත්පැන් පානය කිරීම තහනම් කර තිබෙන අතර නිවසින් බැහැරට යායුතු වන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් බව ද එම මාර්ගෝපදේශවල සඳහන් වෙනවා.

එසේම සිනමා ශාලාවලට සියයට හැත්තෑපහක ආසන ධාරිතාවකින් යුතුව පිරිස කැඳවිය හැකි අතර අවමංග්‍යය උත්සවයක් සඳහා සහභාගිවිය හැකි වන්නේ එක් අවස්ථාවකදී 25 දෙනකුට පමණක් වන අතර කොවිඩ් නොවන මරණයක් පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතු වෙනවා.

එසේම වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ළඟම ඇති රෝහලෙන් බූස්ටර් එන්නත ලබා ගත හැකි බවත් රට විවෘත කර දෛනික කටයුතු පවත්වාගෙන යාමට නම් බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළා.

ඉදිරියේදි උත්සව සමය එළැඹෙන නිසා දෛනික ක්‍රියකාරකම් සිදුකිරීමේදි කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඒ අනුව දෙසැම්බර් මාසය අවසාන වන තෙක්ම පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ සම්පූර්ණ මාර්ගෝපදේශ සංග්‍රහය පහතින්,

 

Rate this item
(0 votes)