May 02, 2024

නත්තලට කොවිඩ් නීති ක්‍රියාත්මක වෙන හැටි

December 15, 2021

මේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයෙන් අවසන් වන අතර එය තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවා .

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දක්වා සිටියා.

"අද දිනයේදී නැවත වරක් අපි ඉදිරි දින 15 ක් එහෙමත් නැත්නම් දෙසැම්බර් මාසේ අවසානය දක්වා දැනට මේ තියෙන මාර්ගෝපදේශවල ලොකු වෙනසක් කරන්නේ නැතුව දීර්ඝ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අලුතින් සීමා කිරීම් කරන්න දැනට බලාපොරොත්තුවක් නෑ. අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. එකක් තමයි අපි දැනට අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත දෙන්න තීරණයක් අරන් තියෙනවා. ඒ නිසා තමන් ලඟම තියෙන රෝහලෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පවත්වන සායන මධ්‍යස්ථානයකින් මෙම එන්නත හැකි ඉක්මණින් ලබාගන්න. අපි මෙම බූස්ටර් එන්නත විශේෂයෙන් කර්මාන්ත ශාලා ඒ වගේම රාජ්‍ය ආයතන සඳහාත් ලබාදීම අපි ආරම්භ කරලා තියෙනවා. එම ආයතනවල සේවය කරන සියලුදෙනාගෙන් ම කාරුණික ඉල්ලීමක් කරනවා. අපි දකින දෙයක් තමයි බලාපොරොත්තු වුනාට වැඩිය අඩුයි එන්නත ගන්න එන පිරිස. නමුත් මම හිතනවා අපිට මේ අත්දකින රෝගීන් පාලනය වෙලා තියෙන්නේ එන්නත්කරණයේ ප්‍රතිඵලයක් විදියට. තවදුරටත් අපිට රට විවෘත කරගෙන අපේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අපි මෙම බූස්ටර් එන්නත අනිවාර්යයෙන්ම ලබාගත යුතු වනවා."

"ඒ නිසා එන්නත් දෙකක් ලබාගෙන තියෙන අයට මාස තුනක් ගියාට පස්සේ මෙම බූස්ටර් එන්නත ලබාගන්න පුළුවන්. අපි සියලුදෙනාම දන්නවා ඉදිරියේ දී නත්තල් උත්සවයත් ඒ වගේම අලුත් අවුරුද්දත් උදාවෙනවා. හැමෝම මෙම උත්සව සමරන්න දැන් ලෑස්ති වෙනවා. ඉතින් ඒ නිසා මෙම බූස්ටර් එන්නත ලබාගැනීම ඉතාම වැදගත්. මොකද මේ අවස්ථාවේදී සෙනග ගැවසීම සහ කඩ සාප්පුවලට යෑම වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ආරක්ෂාව උදෙසා මෙම බූස්ටර් එන්නත ලබාගන්නා හැටියට මා ඉල්ලා සිටිනවා."

Rate this item
(0 votes)