May 01, 2024

"වම්බටු කුට්ටි" - තිස්ස කුට්ටිගේ නව නම ලෙස ලියාපදිංචි කරයි (VIDEO)

December 08, 2021

රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට වක්‍රාකාරයෙන් අසභ්‍ය ප්‍රකාශ කළ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගය අලුත් නමක් පටබැන්දා.

ඒ නම පට බැන්ඳේ සමගි ජන බලවේගය මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින්.

හම්බන්තොට ප්‍රශ්නය

රාජකරුණා මන්ත්‍රීවරයා අය .- වැය වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් කතා කරමින් සිටියදී හම්බන්තොට වරාය සහ සම්මන්ත්‍රණ ශාලාවට ගත් ණය ගැන ප්‍රකාශයක් කළා.

එම ප්‍රකාශය වැරදි බවත් එය නිවැරදි කර ගන්නා ලෙසත් සඳහන් කරමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා දිගින් දිගටම රාජකරුණා මන්ත්‍රීවරයාගේ කතාවට බාධා කරන්න පටන් ගත්තා.

රාජකරුණා මන්ත්‍රීවරයාද රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළ දේ ගණන් නොගෙන ඔහු කිසි දෙයක් නොදැන කතා කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාද ප්‍රශ්නයට මැදි වුණා.

ඇමති වෙනුවෙන් ඉදිරිපත් වීම

ඒ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙනුවෙන්.

රෑට රෑට අගමැතිවරයාගේ ගෙදර ගිහින් ආරක්ෂාව වැඩියෙන් ඉල්ලන බවයි එහිදී කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් රාජකරුණා මන්ත්‍රීවරයා සඳහන් කළේ "වම්බටු කුට්ටි" වාඩි වන ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 16:59

Related items