May 11, 2024

ධීවර බෝට්ටුවකත් ගෑස් පිපිරීමක්!

December 08, 2021

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මධ්‍යම රාත්‍රියේ දී මෙය සිදු වී ඇති බව සඳහන්.

මෙය පිටුපස ද ගෑස් පිපිරීමක් ඇති බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

යාත්‍රාවේ මුරකරු සඳහන් කර ඇත්තේ බෝට්ටුවේ ඉහළ ස්ථානයක තබා තිබූ ගැස් සිලින්ඩරයක් පහළට ඇද වැටුණු බව යි.

එහි දී එම සිලින්ඩරය පුපුරා ගිය බව ඔහු පවසනවා.

පිපිරීමත් සමගයි බෝට්ටුව ගිනිගෙන ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 10:47