May 13, 2024

යළි කිරි පිටි හිඟයක්? Featured

December 08, 2021

රට පුරා යළි කිරි පිටි හිඟයක් ඇති වීමේ සූදානමක් පවතින බවට සමාජය තුළ කතාබහක් හටගෙන තිබෙනවා.

මේ බව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳසල් හිමිකරුවන් සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී ඇති බව ද සඳහන්.

එමෙන්ම බොහෝ වෙළඳසල් තුළ කිලෝ 1 කිරිපිටි පැකට්ටු අවසන් වී ඇති බව ද පාරිභෝගිකයන් ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

තව ද ඇතැම් වෙළඳසල්වලින් එක් වරකට එක් කිරිපිටි පැකට්ටුවක් පමණක් නිකුත් කිරීම මේවන විට ආරම්භ කර ඇති බව යි ඔවුන් අප වෙත ප්‍රකාශ කළේ.

මේ අතර මේවන විටත් කිරි පිටි මිලට ගන්නට වෙළඳසල් තුළ නොමැති බව ඇතැම් ප්‍රදේශවල ජනතාව පවසනවා.

දින කිහිපයකට පෙර ද දිවයින පුරා දැඩි කිරිපිටි හිඟයක් ඇතිවූ අතර එයින් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත් වුණා.

කිරි පිටි පැකට්ටුවක් මිලට ගැනීම සඳහා දිගු පෝලිම්වල පාරිභෝගිකයින් සිටින අයුරු ඒ දිනවල දක්නට ලැබුණා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 08 December 2021 08:45