April 28, 2024

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ඇරේ

December 07, 2021

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් දින 22ක් තිස්සේ ක්‍රියා විරහිත කර තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද පෙරවරුවේ යලි ආරම්භ කෙරුණා.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්.

පසුගිය මස 15 තාවකාලිකව වසා දැමුණු තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද ආරම්භ කිරීමට ප්‍රථම විෂය භාර අමාත්‍යවරයා සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරීන් අතර සාකච්ජාවක්, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පවත්වා තිබෙනවා. 

ඉන් පසු සිදුකළ නිරීක්ෂණයකින් පසු තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුනා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේ තෙල් පිරිපහදුවේ වැඩකටයුතු සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් වීමට පැය කිහිපයක් ගතවනු ඇති බවයි.

Rate this item
(0 votes)