May 13, 2024

පොහොට්ටු මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ සහය විපක්ෂයට - සභාව තුළ උණුසුම් තත්ත්වයක් (PHOTOS)

December 07, 2021

තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 වසර සදහා ඉදිරිපත් කල අයවැය යෝජනාවට පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශ කල නිසා එම නගර සභාවේ අයවැය යෝජනාව අද (07) දින පරාජයට පත් වුණා.

එම නගර සභාවේ සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා විසින් 2022 වසර සදහා රුපියල් දහ හතර කෝටි හතලිස් තුන් ලක්ෂ විසි එක්දහස් හැටක අයවැය ඇස්තුමේන්තුවක් ඉදිරිපත් කල අතර, එම අයවැයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන චන්දන ගුණතිලක, ප්‍රසන්න විතානගේ යන මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරිමත් සමග 4/5 වශයෙන් අයවැය යෝජනාව පරාජය වුණා.

තලවකැලේ ලිදුල නගර සභාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු , ස්වාධින මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගෙන් සමන්විතයි.  

එම නගර සභාව නියෝජනය කරන ස්වාධින මන්ත්‍රිවරයෙකු අද (07) දින සභාවට නොපැමිණි අතර, එම නගර සභාවේ පොහොට්ටුව නියෝජනය කරමින් සිටි මයිල්වාගනම් පරමානන්දන් මහතාව විනය හේතුවක් මත පසුගියදා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් කර ඒ වෙනුවට අසංක සම්පත් පිරිස් මහතාව පත් කිරිමට එරෙහිව මයිල්වාගනම් පරමානන්දන් මහතා කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ඊයේ (06) දින ලබා ගෙන තිබු අතර, එම අතුරු තහනම් නියෝගය නගර සභාව වෙත එම දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් ෆැක්ස් පණිවිඩයක් මගින් එවා තිබු නිසා අසංක සම්පත් පිරිස් මහතාට අද (07) දින නගර සභායේ මන්ත්‍රිවරයෙකු වශයෙන් නියෝජනය කිරිමට සභාපතිරයා විසින් අවස්තාව ලබා නොදිම තුලින් ඇති වු උණුසුම් තත්ත්වය නිසා අසංක සම්පත් පිරිස් මහතාව රැස්විම් ශාලාවෙන් ඉවත් කිරිමට පොලිසියට සිදු වුණා.

තලවකැලේ ලිදුල නගර සභාවේ 2022 අයවැය යෝජනාව පරාජය විමත් සමග රැස්විම් ශාලාව තුල දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

Rate this item
(0 votes)

Related items