May 06, 2024

ගෑස් කමිටු වාර්තාව එයි - ප්‍රධාන ගැටලුව හඳුනා ගනී

December 06, 2021

ගැටලුකාරී තත්ත්වයෙන් පසු, වෙළඳපොළට නිකුත් කෙරෙන ගෑස් සිලින්ඩර හඳුනා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ගෑස් සිලින්ඩර භාවිත කිරීමට පෙර ඉවත් කරනු ලබන පොලිතින් මුද්‍රාවෙහි වර්ණය මෙලෙස වෙනස් කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

ලිට්රෝ ගෑස් සිලින්ඩරයෙහි පොලිතින් මුද්‍රාව සුදු පසුබිමේ රතු ලාංඡනය සහිතව සකස් කර ඇති අතර, ලාෆ්ස් සමාගම සිය ගෑස් සිලින්ඩරවල පොලිතින් මුද්‍රාවේ වර්ණය කහ පසුබිමේ නිල් ලාංඡනය සහිතව වෙනස් කර තිබෙනවා.

කෙසේ වෙතත් සමාගම් දෙකම සිලින්ඩරයේ වර්ණය වෙනස් කිරීමක් සිදුකර නැහැ.

මේ වන විට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

මේ අතර, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (06) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී ඔහු සදහන් කළේ දැනට නිවෙස්වල භාවිත කරන ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අවශ්‍යතාව පරිදි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ගෑස් පුපුරා යෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව මගින් දිවයින පුරා සිදු වූ ගෑස් පුපුරා යාම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කොට, වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එම කමිටුවේ සභාපති මහාචාර් ය ශාන්ත වල්පොලගේ විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එහිදී 2021.01.01 දින සිට 2021.12.05 වැනි දින තෙක් දිවයින පුරා සිදු වූ ගෑස් පුපුරා යාම් සිද්ධීන් 458ක් සම්බන්ධයෙන් අදාළ ස්ථානීය පරීක්ෂණ සිදු කර මෙම වාර්තාව නිකුත් කර ඇති බවයි.

Rate this item
(0 votes)