May 03, 2024

මහනුවර විරෝධතාවයේ සිටි මුස්ලිම් කාන්තාවකගෙන් දැඩි ප්‍රකාශයක්

December 06, 2021

පාකිස්තානයේදී ඉතාමත් අමානුෂික ආකාරයෙන් මරණයට පත් කළ ප්‍රියන්ත දියවඩන මහතාගේ ඝාතනය හෙළා දකිමින් සිංහල රාවය විසින් සංවිධානය කළ විරෝධතාවයක් මහනුවර ගැටඹේ දිය කපනාතොට ශ්‍රී රක්ඛංග විහාරස්ථාන ඉදිරිපිටදී අද (06) පැවැත්වුණා.

විහාරස්ථානය වෙත රැස්වූ සිංහල රාවය ජාතික සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් පුජ්‍ය කන්තලේ විමලවංශ හිමි ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් පැන් වඩා, මතක වස්ත්‍ර පූජා කොට පාංශකූලය ලබා දී මියගිය ප්‍රියන්ත දියවඩන මහතා වෙනුවෙන් ආගමික වතාවත් සිදු කොට පිං පැමිණ වීම සිදු කළා.                                    

ඉන් අනතුරුව මෙම ගිහි පැවිදි පිරිස ගැටඹේ මංසන්ධිය වෙත පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධයක නිරත වුණා.

මෙහිදී අදහස් පළ කළ පුජ්‍ය විමලවංශ හිමි පවසා සිටියේ ඝාතනය කළ ප්‍රියන්ත දියවඩන වෙනුවෙන් පාකිස්තාන සහ ශ්‍රී ලංකා රජය උපරිම සාධාරණය ඉෂ්ට කළ යුතු බවයි. ආගමික අන්තවාදීන් විසින් සිදු කළ මෙම කෲර මිනිස් ඝාතනය පිළිකුලෙන් යුක්තව හෙළා දකින බව සඳහන් කළ විමලවංශ හිමි තවදුරටත් සඳහන් කළේ මේ වන විටද පාකිස්තාන ඇතුළු ඉස්ලාම් ආගමික රටවල සේවයේ නිරතවන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ වගකිවයුතු අංශ පියවර ගත යුතු බවයි. ඊට අමතරව ප්‍රියන්ත දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන් හට වී සිදු වූ අපරාධය වෙනුවෙන් උපරිම සාධාරණය ඉෂ්ට කළ යුතු බවද උන්වහන්සේ පැවසුවා.                                                                                  

සිංහල රාවය සංවිධානයේ කාන්තා අංශ ලේකම් ෆාතිමා හෂියා මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ තමා මුස්ලිම් ජාතික කාන්තාවක් වුවද මෙම ත්‍රස්තවාදය හා අන්තවාදය දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින බවයි. මෙම අමානුෂික ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂාව මෙන්ම උපරිම සාධාරණය ඉෂ්ට කළ යුතු බවත් මෙම වරදකරුවන් හට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවත් විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් එසේ කරන තුරු මෙම විරෝධතා අඛණ්ඩව සිදු කරන බවත් ඇය සඳහන් කළා.

(කමල් සුරවීර -  මහනුවර)                        

Rate this item
(1 Vote)

Related items