May 06, 2024

ප්‍රියන්තගේ ඥාතීන් මහනුවරට රැස්වෙයි

December 05, 2021

පාකිස්තානයේ දී අමානුශික ආකාරයෙන් ඝාතනය වූ ප්‍රියන්ත දියවඩන මහතා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් පිරිසක් මහනුවරදී රජය දැනුවත් කිරීමේ ව්‍යාපාරයක  නිරත වුණා.

මහනුවර නගර මධ්‍යයේ අද (05) දහවල් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ නිරත වූ මියගිය ප්‍රියන්ත දියවඩන මහතාගේ ඥාති සොහොයුරියක වූ ලක්ෂ්මී රත්නායක මහත්මිය කියා සිටියේ මෙම සිදු කළ අපරාධය වෙනුවෙන් ප්‍රියන්ත දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කර දෙන මෙන් ඉල්ලා මෙසේ රජය දැනුවත් කරන බවයි.

ඇතැම් අවස්ථාවල සිදූ ආකාරයෙන් අපරාධකරුවන් හට ඇප ලබාදී නිදහස් කොට මෙම කෲර ඝාතනය අවතක්සේරු නොකොට මෙම සියලුම චූදිතයන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පාකිස්තාන රජය පියවර ගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයද ඉල්ලීම් කළ යුතු බවත් මෙම අවස්ථාවේදී රජය අපහසුතාවයට පත් කිරීම තම පවුලේ අරමුණ නොවන බවත් ඇය සඳහන් කළා.

මෙම ඝාතනය හේතුවෙන් ප්‍රියන්ත දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන් අන්ත අසරණභාවයට පත්ව ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත් මෙම අවස්ථාවට සහභාගි වූවෝ සඳහන් කළා. 

(මහනුවර - කේ .එල්. සුරවීර)                                                 

Rate this item
(0 votes)